Kitchen
ඉස්සෝ ඉස්ටුව
අවශ්‍ය ද්‍රව්‍ය :-
ඉස්සන් 10 යි
ලියාගත් රට ළූණු ග්‍රෑම් 500
අමු මිරිස් කරල් 2
සුදු ළූණු බික් 3 ( තලා ගත් )
ලියාගත් රතු ළූණු ගෙඩි 2 යි
ඉඟුරු පෙති 3 ( තලා ගත් )
කහ කුඩු
මිරිස් කුඩු මේස හැඳි 1 යි
ගම්මිරිස් කුඩු මේස හැඳි 1 යි
කුරුඳු පොතු කැබලි 1 යි
කොර්න් පිටි මේස හැඳි 1 යි
දෙහි ගෙඩි 1 යි
ටූත් පික් 10 යි
ලුණු, පොල් තෙල්
රම්පෙ , කරපිංචා
සාදන ක්‍රමය :-
ඉස්සන්ගේ වලිගය හා අඬු ඉතිරි වන සේ ඔලු ගලවා සෝදන්න. අවශ්‍ය නම් පොතුත් ගලවන්න.
ටූත් පික් ඉස්සාගේ දිග අතට සවි කර ගැනීමෙන් ඔලු අවශ්‍ය නම් සවි කර ගත හැකියි. මෙසේ ටූත් පික් ගසා ගත් විට ඉස්සන් හැකිළෙන්නේ නැත.
මෙසේ
සකස් කර ගත ඉස්සන් , බඳුනකට ගෙන රට ළූණු සහ කෝන් පිටි හැර අනෙක් සියලු
කළමනා දමා වතුර කෝප්ප තුනක් එක්කර ලිප තබන්න. බඳුනකට තෙල් ස්වල්පයක් වක් කර
රට ළූණු තෙලට දමන්න. ළූණු තම්බීගෙන එන විට ඉස්සන් එයට දමන්න.
ඉන්පසු ගොරක ඉවත් කර ඉතිරි ඉස්ම වලට කෝන් පිටි එක් කර ඉස්සන් තෙලෙන් හොඳින් තම්බුන පසු මිශ්‍රණය එයට එක් කර පිස ගන්න.